Galaxy Wearable රහස්‍යතා දැන්වීම අවසන් වරට යාවත්කාලීන කළේ: 2021 අප්‍රේල් 1 Samsung Electronics Co., Ltd.හි අපගේ ගනුදෙනුකරුවන්ට පෞද්ගලිකත්වය කෙතරම් වැදගත් දැයි අපි දනිමු. අපි ඔබේ පුද්ගලික තොරතුරු රැස් කරන්නේ සහ භාවිතා කරන්නේ කෙසේ ද යන්න ඔබ තේරුම් ගෙන ඇති බව සහතික කිරීම සඳහා අපි මෙම රහස්‍යතා දැන්වීම නිර්මාණය කර ඇත්තෙමු. අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය - https://account.samsung.com/membership/terms/privacypolicy වෙතින් බැලිය හැකිය - මෙය ඔබේ Galaxy Wearable භාවිතයට ද අදාළ වේ. අපි ඔබේ දත්ත භාවිතා කරන ආකාරය පිළිබඳ වැඩි විස්තර අපගේ රහස්‍යතා ප්‍රතිපත්තියේ අඩංගු වේ. අපව අමතන ආකාරය පිළිබඳ තොරතුරු ද ඊට ඇතුළත් ය. මෙම රහස්‍යතා දැන්වීමට අමතරව කරුණාකර අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවන්න. කෙසේ වෙතත්, මෙම රහස්‍යතා දැන්වීම සෑම විටම රහස්‍යතා ප්‍රතිපත්තියට වඩා ඉහළින් පවතී. අප රැස් කරන තොරතුරු මොනවාද? ඔබගේ Galaxy Wearable හරහා අපි ඔබ ගැන විවිධ ආකාරවලින් තොරතුරු රැස් කර පවත්වාගෙන යන්නෙමු. ඔබ සෘජුව සපයන තොරතුරු • ඔබ ඔබේ Galaxy Wearable උපාංගයෙන් Samsung account වෙත පිවිසෙන විට ඔබේ Samsung account ID වැනි Samsung account තොරතුරු. ඔබගේ Galaxy Wearable භාවිතය පිළිබඳ තොරතුරු • ඔබේ උපාංග පිළිබඳ, උපාංග වර්ගය, උපාංගයේ මාදිළිය, OS වර්ගය හා අනුවාදය, උපාංග හඳුනු සහ වෙනත් අනන්‍ය හඳුනු, ජංගම ජාල සැපයුම්කරුවෝ, උපාංග වින්‍යාසරකණය සහ සැකසුම් වැනි තොරතුරු; • GPS, බ්ලූටූත් හා WiFi සංඥා ඔස්සේ ඔබේ ස්ථානයට සම්බන්ධ තොරතුරු. ඔබේ Galaxy wearable උපාංගයෙහි ඇතැම් විශේෂාංග මගින් ඔබෙ උපාංගයේ නිවැරදි භූ නිශ්චනයනය ලබා ගැනීම අවශ්‍ය වන අතර ඒ අවස්ථාවන්හි දී අපි ඔබේ භූ නිශ්චයනය ලබා ගනු ඇත්තේ ඔබේ අනුමැතිය සහිතව පමණි. Galaxy Wearable විශේෂාංගයකට ඔබෙ නිවැරදි භූ නිශ්චයනය ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඔබේ උපාංගයෙන් ඔබට එය දැනුම් දෙනු ඇත. ඔබ Galaxy Wearable වෙත ඔබේ නිවැරදි භූ නිශ්චයනය ලබා ගැනීමට අවසර ලබා නොදෙන්නේ නම් ඔබට Galaxy Wearableහි සියලු විශේෂාංග භාවිතා කරනු ලැබීමට නොහැකි වන බව කරුණාවෙන් සලකන්න; • ඔබ විසින් දුරස්ථ සබැඳුම් විශේෂාගයක් භාවිතා කරන විට (ඔබේ Galaxy Wearable වෙත ඔබේ දුරකථනයෙන් පණිවුඩ ලබා ගත හැකි වන පරිදි බ්ලූටූත් වෙනුවට Wi-Fi හෝ ජංගම දත්ත ඔස්සේ ඔබේ ජංගම දුරකථනය ඔබේ Galaxy Wearable වෙත සම්බන්ධ කිරීම); දැනුම්දීම් හා ලැබුණු පණිවුඩ හා ඊමේල්වල අන්තර්ගතය වැනි ඔබේ ජංගම උපාංගයේ ස්ථාපිත යෙදුම් පිළිබඳ තොරතුරු (පණිවුඩ හා මාධ්‍ය ගොනුවල අන්තර්ගතය ඇතුළුව); සහ • ඔබ උපස්ථය හා ප්‍රතිසාධනය විශේෂාංගය භාවිතා කරන්නේ නම්, මෘදුකාංග අනුවාදය, අලෙවි කේතය, ස්ථාපිත හා මෑතක දී භාවිත යෙදුම් ලැයිස්තුව, ස්ථාපිත යෙදුම්වල දත්ත හා සැකසුම්, ඔරලෝසු මුහුණ, යෙදුම් හා විජෙට්ටු ඇතුළු මුල් තිර සැකසුම්, දැනුම්දීම් සැකසුම්, සංදර්ශය, හඬ හා කම්පනය ඇතුළ පද්ධති සැකසුම්. • ඔබ දෝෂ නිර්ණ දත්ත යැවිමට එකඟ වී ඇත්නම් දෝෂ නිර්ණය, තාක්ෂණික, දෝෂ හා ඔබේ Galaxy Wearable භාවිතයේ වේලාව හා කාලසීමාව වැනි පරිශීලන තොරතුරු, ඔබ විසින් ස්ථාපනය කරන ලද යෙදුම් හා කොපමණ කාලයක ද යන්න සහ ඔබ යෙදුම විවෘත කරන හා වසන වේලාව. අපි ඔබ, ඔබේ Galaxy Wearable හා යෙදුම්, Galaxy Wearable වෙත සම්බන්ධිත උපාංග සහ ඔබේ Galaxy Wearableහි ඔබේ භාවිතය පිළිබඳ තොරතුරු ද රැස් කිරීමේ දී අප විසින් ඔබට විස්තර කරන ක්‍රමවලින් රැස් කරනු ලැබිය හැකි අතර මේ අවශ්‍යතාව මතු වූ ඕනෑම විටක අපි ඔබේ කැමැත්ත ලබා ගන්නෙමු. අප ඔබගේ තොරතුරු භාවිතා කරන්නේ කෙසේද? • ඔබේ Galaxy Wearable සඳහා ලියාපදිංචි වීමට සහ එය භාවිතා කිරීමට ඔබට උදව් කිරීම සඳහා. • ඔබ ඉල්ලන සේවාවන් සහ විශේෂාංග සැපයීම සඳහා. • ඔබ විසින් ඔබේ Galaxy Wearable ආශ්‍රිත තාක්ෂණික සහාය ඉල්ලන විට සහාය සැපයීම ඇතුළුව ඔබේ ඉල්ලිම් හා ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට හා ඔබේ Galaxy Wearable පිළිබඳ ඔබ සමග සන්දැන්වීමේ යෙදීමට. • තෝරාගත් Samsung හෝ තෙවන පාර්ශවීය යෙදුම්, විශේෂාංග සහ සේවාවන් සමඟ කටයුතු කිරීමට සහ භාවිතා කිරීමට ඔබට ඉඩ දීමට. නිදසුනක් වශයෙන්, ඔබට Samsung Cloud වෙත ඔබේ යෙදුම් හා සැකසුම් තොරතුරු උපස්ථ කිරීමට හෝ ඔබේ Galaxy Wearable මත Samsung Health භාවිතා කිරීමට හැකි විය හැක. • ඔබේ Galaxy Wearable ආශ්‍රිත අභිමත කළ අන්තර්ගත හා සේවා සැපයීමට. • ඔබ ඔබේ කැමැත්ත වෙනම ලබා දී ඇති අවස්ථාවල දී පමණක්, සෘජු අලෙවිකරණ සන්නිවේදන මගින් (තල්ලු දැනුම්දීම්, ඊමේල් හා පෙළ පණිවුඩ වැනි) ප්‍රවර්ධන හා ප්‍රදාන ලබා දීම සඳහා. Galaxy Wearable හා අපගේ ව්‍යාපාරය මෙහෙයවීමට, ඇගැයීමට සහ වැඩිදියුණු කිරීමට (අලුත් නිෂ්පාදන හා සේවා සංවර්ධනය කිරීම; අපගේ නිෂ්පාදන සහ සේවා උසස් කිරීම හා වැඩිදියුණු කිරීම; අපගේ සන්නිවේදන කළමනාකරණය කිරීම; අපගේ නිෂ්පාදන, පාරිභෝගික පදනම සහ සේවා විශ්ලේෂණය කිරීම; අලෙවිකරණ පර්යේෂණ පැවැත්වීම; දත්ත විශ්ලේෂණ සිදු කිරීම; සහ ගිණුම්කරණය, විගණනය සහ අනෙකුත් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයන් සිදු කිරීම ඇතුළු) සඳහා. • අපගේ නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳ ඔබේ අදහස් විමසීමට සහ පාරිභෝගික සමීක්ෂණ සිදු කිරීමට; අවශ්‍ය නම්, ඔබේ වෙනම කැමැත්ත ඇතිව. • ඔබේ Galaxy Wearable මෘදුකාංග යාවත්කාලීන කිරීම්, නඩත්තු සේවා සහ සහාය ලබා දීම සඳහ‍ෙ. • වංචාව සහ අනෙකුත් සාපරාධී ක්‍රියාකාරකම්, හිමිකම්පෑම් සහ අනෙකුත් බැඳීම්වලින් ආරක්ෂා කිරීම, ඒවා හඳුනාගැනීම සහ වැළැක්වීම. •මෙම රහස්‍යතා දැන්වීම සහ රහස්‍යතා ප්‍රතිපත්තිය ඇතුළුව අදාළ නෛතික අවශ්‍යතා, අදාළ කර්මාන්ත ප්‍රමිතීන් සහ අපගේ ප්‍රතිපත්තිවලට අනුකූල වීම සහ බලාත්මක කිරීමට. ඔබේ Galaxy Wearable මගින් වෙනත් Samsung හෝ තෙවැනි පාර්ශ්වීය යෙදුම්, සේවා හා විශේෂාංග වෙත සම්බන්ධ වීමට හෝ ඒවා භාවිතා කිරීමට හැකියාව සැපයීමට ඉඩ ඇත. උදාහරණ ලෙස, ඔබට ඔබේ Galaxy Wearable උපාංගයෙන් Samsung Health හෝ Bixby Voice භාවිතා කිරීමට හැකි වීමට පුළුවන. මෙකී Samsung හා තෙවැනි පාර්ශ්වීය යෙදුම්, සේවා හා විශේෂාංගවලට ඒවාටම විශේෂ වූ රහස්‍යතා නිවේදන තිබිය හැක. ඔබේ තොරතුරු සකසන ආකාරය ඔබ තේරුම් ගෙන ඇති බව සහතික කර ගැනීම සඳහා ඒවා මැනවින් කියවා බලන්න. වෙනත් සම්බන්ධිත හෝ පෙන්වන ලද යෙදුමක්, සේවාවක් හෝ වෙනත් අංගයක් අප සතු හෝ පාලනය නොකරන තාක් දුරට, එහි අන්තර්ගතය, භාවිතය හෝ රහස්‍යතා පරිචයන් සම්බන්ධයෙන් අප වගකිව යුතු නොවේ. අප ඔබේ තොරතුරු බෙදාහදා ගන්නේ කා සමග ද? අප විසින් ඔබේ තොරතුරු අපගේ ව්‍යාපාරය ඇතුළත අභ්‍යන්තරිකව සහ පහත ආයතනයන් වෙත හෙළිදරව් කරනු ඇති නමුත් ඒ ඉහතින් විස්තර කර ඇති අරමුණු සඳහා පමණි. * අනුබද්ධායතන: අප විසින් පාලනය කරනු ලබන හෝ අපට හිමි සෙසු Samsung Electronics සමූහ සමාගම්; * සේවා සැපයුම්කරුවන්: අප වෙනුවෙන් දත්ත පවත්වාගෙන යන දත්ත සේවාදායක වැනි අප වෙනුවෙන් හෝ අප සඳහා සේවා සපයන සැලකිල්ලෙන් තෝරාගත් සමාගම්. මෙම සැපයුම්කරුවෝ ඔබේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා ද කැපවී සිටිති; * ඔබේ Galaxy Wearable ආරක්ෂා කිරීම අවශ්‍ය වන පරිදි හෝ නීතියෙන් අවශ්‍ය කරන වෙනත් පාර්ශ්වයන්: උදාහරණ ලෙස, ඔබේ තොරතුරු අනාවරණය කිරීම නීතිය අනුව, නෛතික ක්‍රියාදාමය අනුව හෝ රාජ්‍ය අධිකාරීන් වෙතින් අධිකරණ නියෝග අනුව අවශ්‍ය විය හැක. තවද, නීතිය බලාත්මක කිරීම, ජාතික ආරක්ෂාව, ත්‍රස්තවාදයට එරෙහිවීම, හෝ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වන වෙනත් ගැටලු සඳහා ද ඔවුන් ඔබගේ තොරතුරු අපේක්ෂා කරනු ඇත; * ඒකාබද්ධ ගනුදෙනු හා සම්බන්ධ අනෙකුත් පාර්ශව: ඒකාබද්ධ කිරීමක හෝ මාරු කිරීමක, අත්පත් කර ගැනීමක හෝ විකිණීමක, හෝ බංකොලොත් වීමක දී අප විසින් ඔබේ තොරතුරු තුන් වන පාර්ශවයකට අනාවරණය කිරීමට ඉඩ ඇති අතර * ඔබේ කැමැත්ත සහිත අනෙකුත් පාර්ශ්ව හෝ ඔබගේ අභිමතය පරිදි: මෙම රහස්‍යතා දැන්වීමේ විස්තර කර ඇති හෙළිදරව් කිරීම්වලට අමතරව, ඔබ විසින් වෙනම එකඟ වී හෝ එබඳු බෙදාහදා ගැනීමක් ඉල්ලා සිටින විට දී, අප තෙවන පාර්ශව සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමට ඉඩ ඇත. මෙම රහස්‍යතා දැන්වීමට යාවත්කාලීන ඔබගේ Galaxy Wearable සඳහා අපි ඔබේ තොරතුරු රැස්කර ගන්නා ආකාරය හෝ අදාළ නීති හා රෙගුලාසිවල වෙනස්කම් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මෙම රහස්‍යතා දැන්වීම යාවත්කාලීන කරනු ලැබිය හැකිය. ලේඛනය අවසන් වරට යාවත්කාලීන කළ දිනය මෙම රහස්‍යතා දැන්වීමේ ඉහළින්ම දැක්වේ. Version:P01.03.00